වාස්තු ශිල්පයට නව ප්‍රවේශයක් !
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පරිශ්‍රයටම ගොස් වාස්තු පරීක්ෂාවේ නොයෙදී වාස්තු පිළියම් සම්පාදනය කිරීමේ ඉඩප්‍රස්ථාව සොයා බැලීමට ආයතනය එහි ප්‍රධාන පර්යේෂක ලෙස මට පැවරුවා.
නිවසක් පරීක්ෂා කිරීමේදී සම්ප්‍රදායිකව කරන වැරදි හා විවිධ විකාර පිළිබඳව ආයතනයේ විවේචනය සැළකිල්ලට ගනිමින් අපි වඩාත් නිවරද ලෙස මේ කටයුත්තේ යෙදෙන්නේ කෙසේදැයි සෙවීමට ගැඹුරු හා සියුම් අධ්‍යයනයක් ආරම්භ කළා. (දැනට අපේ රටේ සිදු කරන සදොස් පිරික්සුම් වෙනුවට) පසුගිය වසර දහයක පමණ කාලයක් කරන ලද වාස්තු පරීක්ෂාවන් හා ඒ සඳහා ඉදිරිපත් කළ පිළියම් පිළිබඳව යම් අවලෝකනයක යෙදීමේදී අපට ඉහත විධික්‍රමය එනම් පරිශ්‍රය (ඉඩම හෝ ඉදිකිරීම) වෙත නොයා වාස්තු පරීක්ෂාවේ යෙදීමේදී මුහුණදීමට සිදු වන ගැටලු විශ්ලේෂණය කළ හැකි වුණා.
ඒවා නම් :
01. නිවරද ලෙස ඉදිකිරීම භූමියේ පිහිටා ඇති ස්ථානය හඳුනා ගැනීම.
02. පවත්නා ඉදිකිරීමේ (ගෘහ පිණ්ඩයේ) ප්‍රමාණාත්මක ස්වභාවය නිවරදව මැන ගැනීම.
03. විවිධ හැඩතල සහිත නූතන ඉදිකිරීම්වල නිවරද මධ්‍යය (ගුරුත්ව කේන්ද්‍රය) සෙවීම.
04. ප්‍රධාන දිශාවලින් කවර ප්‍රමාණයකින් ඉදිකිරීම හැරී ඇත්තේද යන්න මැන ගැනීම.
මේවා නිවරද ලෙස විසඳා ගත් විට පරිශ්‍රය වෙත නොගොස් වාස්තු පරීක්ෂාවේ යෙදීමත් ප්‍රතිඵලදායී විසඳුම් ලබාදීමත් සිදු කළ හැකි බව අපගේ අවසන් නිගමනය වෙයි.
ඉදිරි දිනවල ඉහත ගැටලු විසඳා ගන්නා අයුරු අපි කතා කරමු.
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
සිවිල් ඉංජිනේරු
ජනක ප්‍රියන්ත දයාරත්න
2020 අප්‍රියෙල් 04 සෙනසුරාදා
Saturday, April 4, 2020
Tuesday, March 17, 2020
වසංගත සමයේ දීර්ඝ විරාමයක් ලැබුණ. වාස්තු පර්යේෂණ කටයුතු නවත්වන්නට සිදු වුණා. සමහර අය මේ වසංගත තත්ත්වය ගැන කිසි සැළකිල්ලක් නැතිව වාස්තු කටයුතු කොහෙමහරි කරල දෙන්න කියල අපෙන් ඉල්ලනව. ඒත් කිය යුතුම දේ නම් මේ අවස්ථාවෙ කිසිම වැඩකට නිවසෙන් පිට නොයන්නට අපගේ විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ සියලුම දෙනා තීරණය කර තිබෙන බවයි.
Subscribe to:
Posts (Atom)